29.5 C
Colombo
Sunday, July 6, 2025

ඉන්දිය වැසියන් පරිත්‍යාග කළ ඖෂධ සහ අත්‍යවශ්‍ය භාණ්ඩ තොගයක් අද දිවයිනට – ජපානයෙනුත් ඩොලර් මිලියන 3 ක හදිසි අධාරයක්…

Published:

ඉන්දිය වැසියන් පරිත්‍යාග කළ ඖෂධ සහ අත්‍යවශ්‍ය භාණ්ඩ තොගයක් අද දිවයිනට – ජපානයෙනුත් ඩොලර් මිලියන 3 ක හදිසි අධාරයක්…

ඖෂධ, සහල් සහ කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොගයක් අද මෙරටට ලැබීමට නියමිතයි. ඒවායෙහි වටිනාකම රුපියල් බිලියන 02 කට අධික වනවා. ඉන්දීය ජනතාවගේ පරිත්‍යාගයක් ලෙස මෙම ඖෂධ සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මෙරටට පිරිනමන බවයි මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේ.

තමිල්නාඩු මහ ඇමති එම් කේ ස්ටාලින් විසින් මෙම භාණ්ඩ තොගය රැගත් නෞකාව ඉකුත් බදාදා දින චෙන්නායි සිට ශ්‍රී ලංකාව වෙත පිටත්කර එවා ඇති බව ද මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළා.

මේ අතර ශ්‍රී ලංකාව සඳහා හදිසි ආධාර වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 03 ක හදිසි ආධාර තොගයක් මෙරටට ලබාදෙන බව ජපානය පවසනවා.

ඉකුත් දා පැවැති මාධ්‍ය හමුවකදී ජපාන විදේශ අමාත්‍ය යොෂිමසා හයෙෂි, ඒ බව සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින ශ්‍රී ලංකාවට සහය දැක්වීමක් වශයෙන් එම එම ආධාර පිරිනමන බව ද ජපන් විදේශ අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,207FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img