27.8 C
Colombo
Tuesday, August 26, 2025

ඉන්දියාවේ සිට පැමිණි පිරිස් වහාම ස්වයං නිරෝධායනය වන්න – සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා දැනුම් දෙයි..

Published:

ඉන්දියාවේ සිට පැමිණි පිරිස් වහාම ස්වයං නිරෝධායනය වන්න – සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා දැනුම් දෙයි..

අද (28) දිනයේදී වාර්තා වූ කොරෝනා රෝගීන් ගෙන් දෙදෙනෙක් ඉන්දියාවේ චෙන්නායි සිට මෙරටට පැමිණි පුද්ගලයින් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටිනවා.

ඔවුන් දෙදෙනා ශ්‍රී ලාංකිකයින් බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියේ.

ඒ අනුව පසුගිය දින 14 තුල ඉන්දියාවේ චෙන්නායි නුවර සිට මෙරටට පැමිණි පුද්ගලයින් තමන් පදිංචි ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාව දැනුවත් කොට වහාම ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස මෙහිදී සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා ප්‍රකාශ කර සිටියා.

යම් පුද්ගලයෙක්ට සිය නිවසේ ස්වයං නිරෝධායනය ලක් වීමට නොහැකි නම් ඔවුන්ට රජයේ නිරෝධායන මධ්‍යස්ථානයකට ඇතුලත් වීමට හැකි බව ඔහු කියා සිටියා.

මිට අමතරව පසුගිය දින කිහිපය තුලදී ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි තවත් ලාංකිකයින් දෙදෙනෙක් හට කොරෝනා වෛරසය ආසාධනය වූ බවට තහවුරු වූ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඉන්දියාවෙ චෙන්නායි නුවර කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වේගවත් වී ඇති බවට පෙනෙන්ට ඇති බවත් ඒ හේතුවෙන් එහි සිට මෙරටට පැමිණි පුද්ගලයින් ස්වයං නිරෝධායනය වීම ඉතා වැදගත් බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,416FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img