28.4 C
Colombo
Sunday, July 6, 2025

ඉන්දියාවේදී විවෘත කෙරුණු ලොව උසම තනි ආරුක්කු දුම්රිය පාලම

Published:

ඉන්දියානු පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ ලොව උසම තනි ආරුක්කු දුම්රිය පාලම විවෘත කර තිබේ.

ඒ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින්.

ආධාරක දෙකක් අතර විහිදෙන තනි, අඛණ්ඩ ආරුක්කුවක් සහිත පාලමක් සඳහා මෙම “තනි ආරුක්කු පාලම” යන යෙදුම සාමාන්‍යයෙන් යොදනු ලබයි.

චෙනාබ් ගඟ හරහා ඉදිකර ඇති මෙම පාලම අයිෆල් කුළුණට වඩා මීටර් 35 (අඩි 114) ක් උස වන අතර එය ඉදිකිරීමට ඉන්දියානු දුම්රිය සේවයට වසර 20කට වැඩි කාලයක් ගත වී ඇත.

මෙම පාලම කාශ්මීරයේ නිම්න කලාපය රටේ සෙසු ප්‍රදේශ සමඟ දුම්රියෙන් සම්බන්ධ කරන අතර එය ජම්මු හරහා ගමන් කරන කිලෝමීටර් 272  සර්ව-කාලගුණ දුම්රිය මාර්ගයක කොටසක් වේ.

අවසානයේ මෙය කාශ්මීර නිම්නය දක්වා ගමන් කරනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,202FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img