30.6 C
Colombo
Sunday, July 6, 2025

ඉන්දියාවෙයි පාකිස්තානයෙයි කුරුළු උණ! බිත්තර-කුකුළු පැටව් හා කුකුල් මස් ගෙන්වීම නවතී! – ආචාර්ය හේමාලි කොතලාවල…

Published:

කුරුළු උණ පැවතීම හේතුවෙන් ඉන්දියාවෙන් සහ පාකිස්ථානයෙන් බිත්තර ආනයනය කිරීමට නිර්දේශ ලබාදිය නොහැකි බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය පවසයි.

ඒ අනුව බිත්තර ආනයනය කිරීමට රජය ටෙන්ඩර් කැඳවා ඇති පසුබිමක සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය මාධ්‍ය හමුවක් පවත්වමින් අද අවධාරණය කළේ බිත්තර, කුකුළු පැටව්, කුකුළු මස් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන ආනයනය කිරිමට අවසර ලබාදෙන්නේ මාස 6 කට පෙර අදාළ රටේ කුරුළු උණ නොමැති බවට තහවුරු වුවහොත් පමණක් බවය.

මේ අතර ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමය සහ සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය අද මාධ්‍ය හමු පවත්වමින් බිත්තර ආනයනය නොකරන ලෙස ඉල්ලීම් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,206FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img