27.8 C
Colombo
Thursday, August 21, 2025

ඉන්දියාවෙන් බිත්තර ආනයනය ඇමති සහෝදරයෙකුට.. දිනක කොමිස් ලක්‍ෂ පනහයි…

Published:

මෙරට ඇති වී තිබෙන බිත්තර හිගය සැලකිල්ලට ගනිමින් බිත්තර ආනයනය කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇතැයි කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ සංගමය සඳහන් කරයි. ඒ අනුව බිත්තර ගෙන්වීමේ කටයුතු අමාත්‍යවරයකුගේ ඥාති සහෝදරයකු ට ලබා දීමට කටයුතු සැලසුම් කර ඇතැයි ද සංගමය සභාපති නිරුක්‍ෂ කුමාර මහතා සඳහන් කරයි.

මව් සතුන්ගේ මිල ඉහළ යාම හා කිකිළියන්ට ලබාදෙන ආහාර හා ඖෂධ මිල ඉහළ යෑම නිසා මේ වන විට කුඩා හා මධ්‍ය පරිමාණ විස්තර නිෂ්පාදන ගොවිපොලවල් දහ අට දහසක් පමණ වැසී ගොස් ඇතැයි ද හෙතෙම පැවසීය.

මේ වන විට ඉන්දියාවෙන් බිත්තර ගෙන්වීම ඇමතිවරයකුගේ ඥාති සහෝදරයෙකු ට අවස්ථාව ලබා දීමට සැලසුම් කර ඇතැයි ද පැවසූ ඔහු බිත්තර සඳහා පාලන මිලක් නොමැති වීම නිසා රටින් ගෙන්වන බිත්තර වැඩි මිලට අලෙවි කිරීමටත් අවස්ථාව ඇතැයිද කියා සිටියේය.

රටින් ආනයනය කරන එක බිත්තරයක් සඳහා කවුරුන් හෝ බිත්තරයකින් රුපියල බැගින් කොමිස් මුදලක් ගැනීමට කටයුතු කළහොත් දිනක කොමිස් ආදායම රුපියල් ලක්ෂ 50 ක් බව ද බිත්තර එකවර කෝටි දෙක තුනක් ගෙන්වීමට සිදුවන නිසා එම කොමිස් මුදල ද අති විශාල එකක් බවත් හෙතෙම තවදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,370FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img