27.8 C
Colombo
Monday, August 25, 2025

ඉන්දියානු සාගරයේ භූ චලනයක්-ලංකාවට සුනාමි අවදානමක් නෑ…

Published:

ඉන්දියානු සාගරයේ භූ චලනයක්-ලංකාවට සුනාමි අවදානමක් නෑ…

උතුරු ඉන්දියානු සාගරයේ මුලික පරාමිතීන් සහිත භූ චලනයක් ඇති වු බව ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසයි.

අද(12) පාන්දර 2.34 ට පමණ මෙය ඇති වී තිබේ.

උතුරු ඉන්දියන් සාගරයේ, ගිනි‍කොණ ශ්‍රී ලංකා‍ වෙරළට ආසන්නයේ කිලෝමීටර 10 ක ගැඹුර මුහුදේ මෙය ඇතිව තිබේ.

භූ චලනයේ ප්‍රබලත්වය රික්ටර් මාපක 5.4 ක් බවද සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කරයි.

කෙසේ වෙතත් භූ චලනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බව ද ඔවුන් නිවේදනය කරයි.

මේ අනුව මුහුදු බඩ ප්‍රදේශවල සාමාන්‍ය ජන ජීවිතය ආරක්ෂා සහිත බව ද සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කරයි.

මෙම ‍නිවේදනය අදාළ ජාතික හා අන්තර් ජාතික ආයතන සමඟ එකඟත්වයෙන් නිකුත් කරන ලද බව සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,370FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img