27.2 C
Colombo
Friday, February 27, 2026

ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති රිමාන්ඩ්

Published:

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඇප මත මුදාහරින ලද ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති හර්ෂාන් ද සිල්වා ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් බන්ධනාගාර ගතකර ඇත.

 

ඔහු අද (15) දහවල් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය හමුවට ඉදිරිපත් කර තිබුණි.

 

එහිදී සැකකරු රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප 5ක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළ අතර, විදේශ ගමන් තහනමක්ද පැනවීය.

 

කෙසේ වෙතත් අදාළ ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් ඔහු මෙලෙස බන්ධනාගාර ගතකර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,498FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img