30.6 C
Colombo
Wednesday, September 10, 2025

“ඉටුකම” වැසේ…

Published:

ඉටුකම “කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල වසා දැමීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

“කොවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල” නමින් ලංකා බැංකුවේ ආයතනික ශාඛාවේ පවත්වාගෙන යනු ලැබූ අංක 85737373 දරන නිල බැංකු ගිණුම 2022 ඔක්තෝබර් මස 18 වන දිනෙන් පසු ක්‍රියාත්මක නොවන බව කොවිඩ් -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ලේකම් ආචාර්ය තාරක ලියනපතිරන මහතා සඳහන් කළේය.

එබැවින් ඒ සඳහා මුදල් බැර නොකරන ලෙසත්, එම ගිණුමට බැර කිරීම සඳහා තවදුරටත් චෙක්පත් හා මුදල් ජනාධිපති කාර්යාලය වෙත යොමු නොකරන ලෙසත් පරිත්‍යාගශීලින්ට දැනුම් දෙයි.

කොවිඩ් 19 වසංගත අවස්ථාවේදී දිවයින තුළ ක්‍රියාත්මක කෙරුණු සෞඛ්‍යාරක්ෂණ වැඩසටහන් සාර්ථක කර ගැනීම සඳහා පරිත්‍යාගශීලි ජනතාව ලබාදුන් දායකත්වය කොවිඩ් -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ලේකම්වරයා අගය කළේය.

කොවිඩ් අරමුදල සඳහා රුපියල් දෙසිය විසිකෝටි හැත්තෑ එක් ලක්ෂ හැට හතරදහස් හත්සිය අසූ පහයි ශත පනස් අටක් (රු. 2,207,164,785.58 ) පරිත්‍යාගශීලීන්ගෙන් මෙම ගිණුමට ලැබී ඇත.

පී සී ආර් පරීක්ෂණ, දැනුවත් කිරීමේ වැඩසටහන්, නිරෝධායන කටයුතු සඳහා පහසුකම් සැපයීමට, ජාතික එන්නත්කරණ වැඩසටහන, දැඩි සත්කාර ඒකක සඳහා ඇදන් මිලදී ගැනීම සහ ඖෂධ මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් එකසිය අනූ නව කෝටි හැත්තෑ පන් ලක්ෂ හැටනවදහස් හාරසිය පනස් හයයි ශත පනස් හයක් (රු. 1,997,569,456.56) මෙම අරමුදලේ මුදල් වැය කර තිබේ.

2022 ඔක්තෝබර් 18 වැනිදා වන විට කොවිඩ් අරමුදලේ ඉතිරිව ඇති මුදල් ප්‍රමාණය රුපියල් විසි එක්කෝටි හැට අට ලක්ෂ හැත්තෑ හත්දහස් හාරසිය තිස් එකයි ශත පහක් (රු.216877431.05) වන අතර, එය ජනාධිපති අරමුදලට බැර කිරීමට කටයුතු කර ඇති අතර ශ්‍රී ලංකා පුරවැසියන්හට ජනාධිපති අරමුදල මඟින් සැත්කම් හා ප්‍රතිකාර වෙනුවෙන් වෛද්‍යාධාර ලබාදීම සිදු කරනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,109FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img