27.8 C
Colombo
Wednesday, August 27, 2025

ඇමරිකාවේ සිට බැසිල් එයි…

Published:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හෙට දිනයේ නැවතත් මෙරටට පැමිණීමට නියමිත බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි. ඔහු මෙරටට පැමිණීමේ ප්‍රධාන අරමුණක් වන්නේ 2023 වසර සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අයවැය තුනෙන් දෙකක බහුතර බලයකින් සම්මත කර දීම බව ද වාර්තාව කියා සිටී. එමෙන්ම බැසිල් රාජපක්ෂ මහතා පැමිණි පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රතිසංවිධානය කිරීමේ කටයුතු ද ආරම්භ කිරීමට නියමිතව ඇත.

බැසිල් රාජපක්ෂ මහතා මෙරටට පැමිණි පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්රධාන පෙළේ වෙනස්කම් කිහිපයක්ම සිදුවුනු ඇති බවද සඳහන්ය.

සති කිහිපයක් ඇමරිකාවේ ගත කළ ඒ මහතා මේ වන විට ශ්‍රී ලංකාව බලා පැමිණීම සඳහා ගමන් ආරම්භ කර ඇති බවද වාර්තාව තවදුරටත් කියා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,439FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img