27.2 C
Colombo
Friday, August 29, 2025

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 150ක ණය ගැනීමට ගිවිසුම් අත්සන් තබයි…

Published:

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 150ක ණය ගැනීමට ගිවිසුම් අත්සන් තබයි…

ආසියානු සංවර්ධන බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 150ක ණය මුදලක් ලබා ගැනීමට අදාල ගිවිසුමට අත්සන් තබා තිබෙනවා. මුදල් අමාත්‍යංශයේ ලේකම් එස් ආරි ආටිගල සහ ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නේවාසික අධ්‍යක්ෂක වෙනු වෙන් එම ගිවිසුමට අත්සන් කළ බවයි මුදල් අමාත්‍යංශය සඳහන් කළේ.

කොරෝනා මර්දන එන්නත්කරණය සඳහාවන පිරිවැය පියවා ගැනීම, එන්නත් ආශ්‍රීත අධීක්ෂණ පද්ධති ස්ථාපිත කිරීම, ශීතාගාර සහිත ප්‍රවාහන පහසුකම් සැපයීම, සායනික අපද්‍රව්‍ය කළමානාකරණය ශක්තිමත් කිරීම ඇතුළු තවත් අනුබද්ධ ක්‍රියාකාරකම් කිහිපයක් සඳහා එම ණය මුදල් යෙදවීමට නියමිතයි.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් ලබාගත් ණය වාරික ගෙවීම සඳහා වසරකවත් සහන කාලයක් ලබාදිය යුතු බව මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ බංග්ලාදේශය විසින් සංවිධාන කර තිබූ අන්තර්ජාල ආර්ථික සමුළුවකට එක්වෙමින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,464FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img