27.8 C
Colombo
Thursday, August 28, 2025

‘ආශාවරී’ ගැන පොලිසියෙන් විශේෂ පැහැදිලි කිරීමක්…

Published:

‘ආශාවරී’ ගැන පොලිසියෙන් විශේෂ පැහැදිලි කිරීමක්

මැදිරිගිරිය ප්‍රදේශයේ ‘ආශාවරී’ නමැති ළමා සංගීත කණ්ඩායමේ කටයුතු නතර කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසියේ කිසිඳු මැදිහත්වීමක් සිදුව නොමැති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරනවා.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා පොලිසිය මේ බව සඳහන් කර තිබෙනවා.

ළමයින්ගේ ප්‍රසාංගික කටයුතු මෙන්ම වෙනත් ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ද ඒවායේ ගැලපීම්, නොගැලපීම් සම්බන්ධව සීමාවන් සම්බන්ධව නිර්ණය කරනු ලබන්නේ ළමා කටයුතු විෂය පැවරුණු වෙනත් ආයතනක් බවයි මෙම නිවේදනය මඟින් වැඩිදුරටත් දන්වා ඇත්තේ.

ළමයෙකුට සිදුවන අපරාධමය වැරදි සම්බන්ධව සහ ඒවායෙන් මුදවාගැනීම සඳහා දැනුවත් කිරීමේ කාර්යන් හැර වෙනත් කටයුතු සඳහා පොලිසිය මැදිහත්වන්නේ නීතියෙන් පැහැදිලිව සඳහන්ව තිබෙන කාරණා සඳහා පමණක් බවයි පොලිසිය පවසන්නේ.

කෙසේ වෙතත් ‘ආශාවරී’ නමැති ළමා සංගීත කණ්ඩායමේ කටයුතු නතර කිරීමට පොලිසිය මැදිහත් වී කයුතු කරන බවට සමාජ මාධ්‍ය තුළ තොරතුරු පලවන බවට නිරීක්ෂණ වූ බව ද පොලිසිය මෙම නිවේදනය මඟින් දන්වා සිටිනවා.

පසුගිය දින කිහිපයයේ සමාජ මාධ්‍ය තුළ මෙම ‘ආශාවරී’ සංගීත කණ්ඩායම සම්බන්ධයෙන් කතාබහට ලක් වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,463FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img