25 C
Colombo
Thursday, August 28, 2025

ආරක්ෂක අමාත්‍යාංශයෙන් හදිසි නිවේදනයක්…

Published:

නිවාඩු නොලබා සේවයට වාර්තා නොකර විදේශගතව සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ඒ අනුව නැවත ඒකකය වෙත රපෝර්තු කිරීමකින් තොරව පොදු සමා කාලය තුළ දී නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා හැකියාව පවතින බව ආරක්ෂක අමාත්‍යාංශය පෙන්වා දෙයි.

ලබන 15 වන දින සිට දෙසැම්බර් 31 වන දින දක්වා ප්‍රකාශයට පත්කර ඇති එම පොදු සමා කාලය තුළ දී මේ වසරේ ඔක්තෝබර් 25 වන දින හෝ ඊට පෙර නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකළ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සඳහා පමණක් වලංගු වේ.

ඔවුන් වෙතින් අය විය යුතු යම් මුදලක් වේ නම් එය නීත්‍යානුකූලව ඉවත්වීමට පෙර ගෙවිය යුතු අතර නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකිරීම හැර වෙනත් කිසිදු විනය විරෝධී ක්‍රියාවක් සම්බන්ධ නොනිමි විනය කටයුතු නොපැවතිය යුතු බව ආරක්ෂක අමාත්‍යාංශය පෙන්වා දෙයි.

එමෙන්ම නීතිවිරෝධී ක්‍රම මගින් විදේශ ගත වු හෝ විදේශගත වීමේ දී වංචනික ලෙස විදේශ ගමන් බලපත්‍ර සහ අනෙකුත් ලේඛන සකස් කර විදේශගත වී නොමැති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් තහවුරු කර ගැනීම ද අවශ්‍ය වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,453FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img