ලුණු හිඟයට පිළියමක් ලෙස රජය ඉන්දියාවෙන් ආනයනය කළ ලුණු තොග මේ වන විට දිවයිනට ලැබෙමින් පවතින බව ජාතික ලුණු සමාගම පවසයි.
එහි සභාපති ගයාන් වෙල්ලාල සඳහන් කළේ, පසුගිය බ්‍රහස්පතින්දා සිටම අදාළ ලුණු තොග මෙරටට ලැබෙමින් පවතින බවයි.
රට තුළ පවතින ලුණු හිඟයට පිළියමක් ලෙස ජාතික ලුණු සමාගම, ඉන්දියාවෙන් ලුණු මෙටි්‍රක් ටොන් විසිදහසක්, ආනයනය කිරීමට තීරණය කළේය.
ඒ අනුව අදාළ ලුණු තොගය වෙළඳපොළට බෙදාහැරීමත් සමග ලුණු හිඟය අවසන් වී ඉහළ ගොස් ඇති ලුණු මිල ගණන් පහළ බසිනු ඇති බවයි ජාතික ලුණු සංස්ථාව සදහන් කළේ.
මේ අතර, ලංකා ලුණු සමාගම විසින් ද තවත් ලුණු මෙටි්‍රක් ටොන් දස දහසක පමණ ප්‍රමාණයක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට සැළසුම් කර තිබේ.
එම ලුණු තොග මේ මස අවසානයේ දී දිවයිනට පැමිණෙනු ඇති බව ලංකා ලුණු සමාගමේ සභාපති ඩී. නන්දන තිලක සඳහන් කළේය.