29.5 C
Colombo
Wednesday, September 3, 2025

අවසන් අංකය අනුව බෙදා හරින දිනවල වෙනසක්…

Published:

අවසන් අංකය අනුව බෙදා හරින දිනවල වෙනසක්…

QR කේත ක්‍රමය යටතේ ඉන්ධන බෙදා හැරීමේ ක්‍රියාවලිය මෙම මස 25 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදී දිවයින පුරා ආරම්භ කිරිමට කටයුතු යොදා ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කර සිටිනවා.‬

‪QR කේත ක්‍රමය යටතේ ඉන්ධන බෙදා හැරීමේ නියමු ව්‍යාපෘතිය මෙම මස 21 වෙනිදා සිට 24 වෙනිදා දක්වා වූ කාල සීමාව තුලදී කොළඹ දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි සිදු කෙරෙන බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.‬

‪අද සවස 4.00 වන විට QR කේත ක්‍රමය යටතේ ලියාපදිංචි වී සිටින සමස්ත පිරිස මිලියන 02ක් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.‬

මේ අතර වාහනයේ ලියාපදිංචි අංකයේ අවසන් අංකයට අනුව ඉන්ධන ලබාදීම සඳහා පෙර ප්‍රකාශ කරනු ලැබූ දිනයන් හි වෙනස් කම් සිදු කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කර සිටිනවා.

ඒ අනුව අවසන් අංකය අනුව ඉන්ධන නිකුත් කිරීමේ සිදුකරනු ලබන්නේ පහත දැක්වෙන පරිදිය :

0,1,2 – අඟහරුවාදා  සහ සෙනසුරාදා
3,4,5 – බ්‍රහස්පතින්දා සහ ඉරිදා
6,7,8,9 – සඳුදා,බදාදා සහ සිකුරාදා.

මෙම ක්‍රමය මෙම මස 21 වෙනිදා සිට ක්‍රියාත්මක බව අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,500FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img