30 C
Colombo
Thursday, August 28, 2025

අර්ජුන රණතුංග…

Published:

🟥 BEHIND STORIES
📗 ඉණට අත් ගත්තු අර්ජුන…

🧑‍🎓 Old stories

🏏 අර්ජුන කැප්ටන් කාලේ ටුවර් ගියාම නීතියක් දාලා තිබ්බලු හැම ප්ලේයර් කෙනෙක්ම රෑ 10 වෙන්න කලින් තම තමන්ගේ රූම්වල ඉන්න ඕන කියලා. රෑ 10 වෙද්දි අර්ජුන ඒ රූම්වල යතුරු තමන් භාරයට ගන්න නිසා හැම ප්ලේයර් කෙනෙක්ම ඊට කලින් රූම් එකට එනවලු. රෝන්දෙ යන්නෙ නැහැලු.

🏏 සනත් වතාවක් නවසීලන්තෙ එක්ක වන්ඩේ මැච් එකක හොඳට බැට් කර කර ඉන්න ගමන් තනි උඩ යන ෂොට් දෙකක් ගැහුවලු. ඒත් වාසනාවකට ෆීල්ඩර්ස්ලට ඒ කැච් දෙකම මිස් වෙලා. පැවිලියන් එකේ හිටපු අර්ජුන කෑගහලා ඇඟිල්ල දිග් කරලා කිව්වලු ” උඹ ගොං ෂොට් ගහලා එහෙම අවුට් වෙලා එන්න එපා මේ පැත්තෙ” කියලා. ඒ බයට සනත් වගකීමෙන් ඉනිම සෙල්ලම් කරලා අන්තිමට පැවිලියන් එකට ගියේ ලකුණු සියයකුත් ගහලා.

🏏 වතාවක් නුවන් සොයිසා එක ඕවරයක වගකීම් විරහිත විදිහට වයිඩ් , නෝ බෝල් දානවලු. අර්ජුන කියන තැනට බෝල් කරන්නෙම නැහැලු. පිට පිට හතරෙ දෙකක් ගැහුවට පස්සේ ඉණට අත් දෙක තියාගත්තු අර්ජුන කෑ ගහලා නුවන් සොයිසාට කිව්වලු ” ඈ —ගෙ පුතෝ , ඔය දෙන ලකුණු ආයි ගහන්නෙ උඹෙ තාත්තා ඇවිල්ලද ? හරි තැනට බෝල් කරන්න බැරිනම් පලයං ඊළඟ ප්ලේන් එකේම නැගලා ලංකාවට. ” කියලා. නුවන් සොයිසා ආයි නෙමේලු එදා වයිඩ්, නෝබෝල් දැම්මේ.

🏏 මුරලිට පන්දුව දමාගසන චෝදනාව ආවාම අර්ජුන තීරණය කරනවා අම්පයර් එක්ක තනියම හැප්පෙන්න. ඒ විතරක් නෙමේ, ටීම් එක අරන් ග්‍රවුන්ඩ් එකෙන් එළියට යන්නත්. ඒ වගේම 96 ලෝක කුසලානෙදි කොදෙව්වො හා ඕස්ට්‍රේලියාව ලංකාවට ඒම ප්‍රතික්ෂේප කරලා අයි.සී.සී එකෙන් ඒ තරග දෙකට පොයින්ට් එක බැගින් දෙපිලට දෙන්න ඉල්ලනවා. අර්ජුන සභාපති ආනා පුංචිහේවාට බලකරනවා ”එයාලා එන්නැත්තේ එයාලගේ වරදින්. ඒ නිසා ඔයා අපිට පොයින්ට් දෙකම ඉල්ලගෙන එන්න.” කියලා. පුංචිහේවා ආයි එන්නේ පොයින්ට් දෙක ගාණේ හතරම අරගෙන.

🏏 96 ලෝක කුසලානෙ ෆයිනල් එකට කලින් දවසෙ රෑ ඔස්ට්‍රේලියානුවො කප් එක එක්ක ඉඳලා ෆොටෝ ගන්නවා. අයි.සී.සී නිලධාරියෙක් අහනවා අර්ජුනගෙන් ”ඇයි ඔයාලා ෆොටෝ ගන්නෙ නැද්ද?” කියලා. අර්ජුන කියනවා ”නෑ. අපි හෙට කප් එක ලංකාවට ගෙනියනවානේ. ඊට පස්සෙම ෆොටෝ ගන්නවා” කියලා. ටොස් එක දින්නම මුලින් බැට් කරන්න කියලා හැමෝම කියනවා. හැබැයි අර්ජුන ලකුණු හඹා යන්න තීරණය කරනවා.

🧑‍🎓 What I say ?

🏏 ලංකාවේ මැච් එකට කලින් ”අපි ගහනවා” කියලා – කලින්ම කියලා – ඒ කිව්ව විදිහටම ගහපු එකම නායකයා අර්ජුන. අර්ජුනගෙ වැරදි ඇති. හැබැයි අර්ජුන අද ටීම් එකේ කැප්ටන් වෙලා හිටියනං , ක්‍රිකට් පරිපාලනයෙ හිටියානං අද ධනුෂ්ක ගුණතිලකගෙ වගේ කේස් එන්නෙත් නෑ. එහෙම ප්ලේයර්ස්ලා ටීම් එකේ ඉන්නෙත් නෑ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,460FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img