27.2 C
Colombo
Tuesday, August 26, 2025

අයවැය තෙවන වර කියවීම සම්මත වෙයි…

Published:

2023 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (08) පස්වරුවේ පැවැත්වුණි.

එහිදී අයවැය ට පක්ෂව ඡන්ද 123ක් සහ විරුද්ධව ඡන්ද 80ක් හිමිවිය.

මන්ත්‍රීවරුන් 02ක් ඡන්දය දීමෙන් වැළකී සිටියේය.

ඒ අනුව අයවැය විවාදය අද දිනයෙන් අවසන් විය.

මෙවර අයවැය නොවැම්බර් මස 14 වනදා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණි.

අයවැය දෙවන වර කියවීමේ විවාදය පසුගිය නොවැම්බර් 15 වනදා සිට 22 වනදා දක්වා පැවැත්වීමෙන් අනතුරුව දෙවන වර කියවීමේ ඡන්ද විමසීම 22 වන දින පස්වරුවේ පැවැත්වුණි.

එහිදී මන්ත්‍රීවරු 121දෙනෙකු අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර මන්ත්‍රීවරුන් 84 දෙනෙකු ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය.

ඒ අනුව වැඩි ඡන්ද 37කින් අයවැය දෙවනවර කියවීම සම්මත වුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,413FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img