26.7 C
Colombo
Wednesday, August 27, 2025

අයවැයෙන් වැඩිවන තීරුබදු සහ ගාස්තු…

Published:

2020 සිට 2022 දක්වා වසර තුනක කාලය තුළ සංශෝධනය නොකළ ගාස්තු සහ අයකිරීම් 20%කින් ඉහළ නංවන බව 2023 අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඊට අමතරව රුපියලේ අගය අවප්‍රමාණයවීමට සමගාමීව නිෂ්කාශන කටයුතුවලදී භාණ්ඩවලට අදාළ ඉන්වොයිස් වල වටිනාකම අඩුවෙන් සඳහන් කිරීම සහ අවතක්සේරු කර වටිනාකම් ඉදිරිපත් කිරීම වළක්වා ගනිමින් ආදායම් ඉහළ නංවා ගැනීම සඳහා ඒකක මතවූ (ස්ථාවර) රේගු තීරු බදු සහ සෙස් බදු සංශෝධනය කිරීමට පියවර ගෙන ඇත යනුවෙන් ඔහු සිය අයවැය ලේඛනයේ සඳහන් කර තිබේ.

ඒ අනුව 1962 අංක 19 දරන ආදායම් සංරක්ෂණ පනත යටතේ රේගු සංකේතාංක 378 සහ 1979 අංක 40 දරන අපනයන සංවර්ධන පනත යටතේ රේගු සංකේතාංක 677ක් සඳහා වූ බදු සංශෝධනයන් 2022 නොවැම්බර් 15 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි බලාත්මක කෙරෙයි.

එසේම මේ වනවිට 0%, 10% සහ 15% වශයෙන් අනුපාතයන් තුනකට ඇති තීරු බදු 0%, 15% සහ 20% වශයෙන් සංශෝධනය කරන බවද ජනාධිපතිවරයා ඉදිරිපත්කළ අයවැය ලේඛනයේ සඳහන් වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,442FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img