27.2 C
Colombo
Friday, February 27, 2026

අමෙරිකාව සහ යුක්‍රේනය ඛනිජ සම්පත් ගිවිසුමට අත්සන් තබයි..

Published:

යුක්‍රේන අමෙරිකා සබඳතා යළි ශක්තිමත් කරමින් අමෙරිකාව සහ යුක්‍රේනය අතර ඒෙතිහාසික ඛනිජ සම්පත් ගිවිසුමට අත්සන් තබා තිබේ.

අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් සහ යුක්‍රේන පළමු නියෝජ්‍ය අගමැතිනිය සහ ආර්ථික කටයුතු අමාත්‍යවරිය වන යුලියා ස්වයිරඩෙන්කෝ වොෂිටන්ටන් අගනුවරදී මෙම ගිවිසුමට අත්සන් තබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

යුක්‍රේනයේ දුර්ලභ ඛනිජ සම්පත් සඳහා  අමෙරිකාවට ප්‍රවේශය ලබා ගැනීමට අත්සන් කළයුතු අදාළ ගිවිසුම සම්බන්ධයෙන්‍ මාස ගණනාවක සිට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි අතර සාකච්ඡා පැවැත්විය.

ගිවිසුමෙහි මූලික කටයුතු සඳහා පසුගිය පෙබරවාරී මාසයේදී අත්සන් කිරීමට නියමිතව තිබුණත්, දෙරටේ ජනාධිපතිවරුන් අතර ඇති වූ විවාදාත්මක සාකච්ඡාව හේතුවෙන් එය බිඳ වැටිණි.

කෙසේ වෙතත් අත්සන් කෙරුණු මෙම ගිවිසුම යුක්‍රේනයේ ආර්ථිකයට සහ රට තුළ ආරක්ෂාව සහතික කිරීමට දැඩි ලෙස වාසිදායක වනු ඇති බව,  විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,498FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img