27.2 C
Colombo
Thursday, July 17, 2025

අමෙරිකාවේ සටන් විරාම ගිවිසුමට හමාස් සංවිධානයෙන් ප්‍රතිචාර

Published:

අමෙරිකාව විසින් යෝජනා කළ ගාසා සටන් විරාම ගිවිසුමට ප්‍රතිචාර දක්වමින් හමාස් සංවිධානය විසින් සංශෝධන කිහිපයක් සිදු කිරීමට ඉල්ලීමක් කර තිබේ.

ඒ අනුව, ස්ථිර සටන් විරාමයක්, ගාසා තීරයෙන් ඊශ්‍රායල හමුදාව සම්පූර්ණයෙන්ම ඉවත් කරගැනීම මෙන්ම මානුෂීය ආධාර අඛණ්ඩව ලබාදීමට සහතික වීම යන දෑ ඔවුන්ගේ සංශෝධන සඳහා ඇතුළත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ වෙතත්, හමාස් සංවිධානයේ ඉල්ලීම් සඳහා අමෙරිකාවේ පෙරදිග විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ, එම යෝජනා සියල්ල සම්පූර්ණයෙන්ම පිළිගත නොහැකි බවත්, ඒවා යළිත් ඔවුන්ව පසුපසට ඇද දමන බවයි.

එමෙන්ම, සාකච්ඡාවන් සඳහා අමෙරිකාව විසින් ඉදිරිපත් කරන යෝජනාවන් හමාස් සංවිධානය විසින් පිළිගත යුතු බවත් එවිට ඉදිරි සති කිහිපය තුළ සටන් විරාම සඳහා සාකච්ඡා ආරම්භ කළ හැකි බවත් ස්ටීව් විට්කොෆ් ප්‍රකාශ කල බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,328FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img