29.5 C
Colombo
Sunday, July 6, 2025

අමාත්‍ය විෂයපථයන් සහ කාර්යයන් ගැසට් කර තිබේ…

Published:

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අදාල ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43/1 ව්‍යවස්ථාවට සහ 46/1 ව්‍යවස්ථාවට අනුකූලව අමාත්‍යවරු සහ අමාත්‍යාංශ සංඛ්‍යාව ද එකී අමාත්‍යවරුන්ට අයත් විෂයන්, කාර්යයන් සහ දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත ආයතන මෙමගින් ගැසට් කර තිබේ.

අමාත්‍ය ධුර 29කට අයත් අදාල විෂයපථයන්, කාර්යයන් සහ ආයතන ගැසට් කර ඇති බව සඳහන්ය.

ඒ අනුව ජනාධිපතිවරයා යටතේ පැවැති රාජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව තොරතුරු සන්නිවේදන තාක්ෂණ අමාත්‍යාංශ විෂයපථයට ඇතුළත් කර තිබේ.

1990 සුවසැරි පදනම අදාල ගැසට් නිවේදනය මගින් සෞඛ්‍ය අමාත්‍යාංශ විෂයපතයට ඇතුළත් කර ඇති බව සඳහන්ය.

සංවර්ධන ලොතරැයි මණ්ඩලට සහ ජාතික ලොතරැය මණ්ඩලය මුදල් ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යංශයේ විෂයපථයට ඇතුළත් කර තිබේ.

එමෙන්ම සේවා ආර්ථසාධක අරමුදල නිපුනතා සංවරධන රැකියා හා කම්කරු සබඳතා අමාත්‍යාංශයේ විෂයපතයට ඇතුළත් කර ඇති බව සඳහන්ය.

අමාත්‍ය විෂයපතයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය පහතින් දැක්වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,211FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img