28.4 C
Colombo
Sunday, July 6, 2025

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට ලකුණු 240 ක ජයක්…..

Published:

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය සහ අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලය අතර 52වන වරට පැවති නිල්මහ සටනෙන් ලකුණු 240ක ජයක් ලැබීමට ධර්මාශෝක විද්‍යාලය සමත් විය.
මෙම තරඟය මොරටුව ද සොයිසා ක්‍රීඩා පිටියේදී පැවති අතර කාසියේ වාසිය දිනු දේවානන්ද විද්‍යාලයේ නායක කවිඳු සොහාන් පළමුව පන්දුවට පහරදීමට ධර්මාශෝක විද්‍යාලයට ආරාධනා කළේය. එහිදී ධර්මාශෝක විද්‍යාලය පන්දුවාර 52යි පන්දු 3කදී සියලුදෙනා දැවී ලකුණු 201ක් ලබා ගත්තේය. එහිදී සනුල සමීන් පන්දු 75කදී ලකුණු 75ක් ලබා ගැනීමට සමත් විය. සසිඳු මල්ෂාන් නොදැවී ලකුණු 31ක් රැස් කිරීමට සමත් විය. පන්දු යැවීමේදී චමිඳු අනුෂ්ක කඩුළු 5ක් ද චාමික පෙරේරා සහ බිවිඳු ද සිල්වා කඩුළු 2 බැගින් බිඳ හෙලීය.
පිළිතුරු ඉනිම ලෙස දේවානන්ද විද්‍යාලයට පන්දුවාර 35යි පන්දු 3කදී සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 106ක් පමණි. එහිදී දේවානන්ද ඉනිම වෙනුවෙන් නායක කවිඳු සොහාන් ලකුණු 44ක් ලබාගැනීමට සමත් විය. පන්දු යැවීමේදී අකිල මෙන්ඩිස් කඩුළු 4ක් ද කවිඳු නදීෂාන් කඩුළු 3ක් ද දිනුක ඩිල්ශාන් කඩුළු 2ක් ද බිඳ හෙලීය.
ලකුණු 95ක් පිටුපසින් සිට සිය දෙවන ඉනිම ඇරඹු ධර්මාශෝක කණ්ඩායම පන්දුවාර 45යි පන්දුවකදී කඩුළු 8ක් දැවී ලකුණු 163ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටවුයේය. එහිදී සේන දේශායි ලකුණු 47ක් ද ලොහාන් ද සොයිසා ලකුණු 39ක් ද ලබා ගත්තේය. අගනා පන්දු යැවීමක නිරතවූ චමිඳු ඩිල්ශාන් කඩුළු 7ක් බිඳ හෙලීය.
තරඟය ජය ගැනීම සඳහා ලකුණු 259ක ඉලක්කයක් හඹා ගිය දේවානන්ද විද්‍යාලය පන්දුවාර 8යි පන්දුවකදී සියලුදෙනා දැවී ලබා ගත්තේ ලකුණු 18ක් පමණි. එහිදී දේවානන්ද ඉනිමේ පිතිකරුවන් සය දෙනෙකුම ලකුණු නොලබා දැවීයාම විශේෂත්වයක් විය. විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ දිනුක ඩිල්ශාන් කඩුළු 7ක් බිඳ හෙලීය.
දක්ෂතම පන්දු රකින්නා  – බිවිඳු ද සිල්වා (දේවානන්ද විද්‍යාලය)
දක්ෂතම පන්දු යවන්නා – චමිඳු අනුෂ්ක (දේවානන්ද විද්‍යාලය)
දක්ෂතම පිතිකරු – සනුල සමීන් (ධර්මාශෝක විද්‍යාලය)
මංගල තරඟයේ  දක්ෂතම ක්‍රීඩකයා  – සේන දේශායි (ධර්මාශෝක විද්‍යාලය)
තරඟයේ වීරයා – දිනුක ඩිල්ශාන් (ධර්මාශෝක විද්‍යාලය)
ධර්මාශෝක විද්‍යාලය 201 (52.3)
සනුල සමීන් 75, සසිඳු මල්ෂාන් 31*, සේන දේශායි 24, චමිඳු අනුෂ්ක 5/52, බිවිඳු ද සිල්වා 2/04, චාමික පෙරේරා 2/52
දේවානන්ද විද්‍යාලය 106 (35.3)
කවිඳු සොහාන් 44, මිතිල අචින්තික 24*, අකිල මෙන්ඩිස් 4/07, කවිඳු නදීෂාන් 3/38, දිනුක ඩිල්ශාන් 2/27
ධර්මාශෝක විද්‍යාලය 163/8 (45.1)
සේන දේශායි 47, ලොහාන් ද සොයිසා 39, චමිඳු අනුෂ්ක 7/79, 
දේවානන්ද විද්‍යාලය 18 (8.1)
දිනුක ඩිල්ශාන් 7/12, අකිල මෙන්ඩිස් 3/05
ධර්මාශෝක විද්‍යාලයට ලකුණු 240ක ජයක්.

52ND BATTLE OF THE BLUES – Dharamasoka vs Devananda – DAY 1

52ND BATTLE OF THE BLUES – Dharamasoka vs Devananda – DAY 2

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,202FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img