30.6 C
Colombo
Wednesday, January 14, 2026

අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව පෙබරවාරිය දක්වා කල්යයි

Published:

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම පෙබරවාරි 11 වනදින දක්වා කල්තැබීමට ගම්පහ ස්ථීර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කර තිබෙනවා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පහර දී ඝාතනය කළ බවට විත්තිකරුවන් 41 දෙනකුට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව අද ගම්පහ මහාධිකරණයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා.

2022 මැයි මාසයේදී පැවති අරගල සමයේදී, පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා නිට්ටඹුව නගරයේදී ඝාතනය කළ බවට පුද්ගලයන් 41 දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,998FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img