මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට ඉදිරිපත් වු අපේක්ෂකයින්ගේ මැතිවරණ වියදම් වාර්තා ඉදිරිපත් කිරීමේ කාලය අද (27) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වෙයි.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේ වියදම් වාර්තා ලබානොදෙන අපේක්ෂකයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවනු ඇති බවය.
මේ අතර පළාත් පාලන ආයතන සඳහා තේරීපත් වූ නියෝජිතයින් නම් කිරීම ප්‍රමාද වීම හේතුවෙන් පළාත් පාලන ආයතන සභිකයින් ගැසට් මගින් ප්‍රකාශයට පත්කිරීම අර්බුදයට ලක්ව තිබේ.
මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මේ වන විටත් බොහෝ දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් පළාත් පාලන ආයතන සදහා තේරී පත්වූ නියෝජිතයින්ගේ නම් ලැයිස්තු මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබාදී නොමැති බවය.
මේ වන විට ලැබී ඇති නම් ලැයිස්තු රජයේ මුද්‍රණාලය වෙත යොමුකර තිබුණ ද එය ගැසට් මගින් ප්‍රකාශයට පත්කිරීම සදහා සියලු පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ඇතුළත් කිරීම සිදුකළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.