25 C
Colombo
Wednesday, November 26, 2025

අපි කවුරුත් ලංකාවෙන් පිටව යන්නේ නැහැ – හිටපු ඇමති නාමල් කියයි…

Published:

අපි කවුරුත් ලංකාවෙන් පිටව යන්නේ නැහැ – හිටපු ඇමති නාමල් කියයි…

තම පියා හෝ පවුලේ අය ශ්‍රී ලංකාව හැර ගොස් නොමැති බවත්, කිසිදු අවස්ථාවක රටින් බැහැර යෑමට අදහස් කර නොමැති බව හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ගේ පුත් නාමල් රාජපක්ෂ ප්‍රකාශ කර සිටිනවා.

ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයක් සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මේ බව සඳහන් කර තිබෙනවා.

” විවිධ කට කතා පැතිරෙනවා අපේ පවුල රටින් පිටව යන්න සුදානම් වෙනවා කියලා. නුමුත් එය සත්‍යයෙන් තොරයි. අප දිගටම ලංකාවේ රැඳී සිටිනවා.

මගේ පියා ආරක්ෂාකාරිව සිටිනවා. ඔහු පවුලේ සාමාජිකයින් සමග කතා කරනවා” යැයි ද හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ සිය සම්මුඛ සාකච්ජාවේදී කියා සිටියා.

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව අද උදෑසන අරලියගහ මන්දිරයෙන් පිටව ගියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,474FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img