27.2 C
Colombo
Monday, July 7, 2025

අන්තරේ කැඳවුම්කරු සහ රවී කුමුදේශ් ඇතුළු 4කට මාලිගාකන්ද අධිකරණයෙන් තහනම් නියෝගයක්

Published:

පරිපූරක වෘත්තීන්ගේ සේවාවට අයත් පාඨමාලාවන් සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමේ තරග විභාගයට පෙනී සිටින අයදුම්කරුවන්ට ඊට සහභාගී නොවන ලෙසට බලපෑම් කිරීම සඳහා අද (27) විරෝධතාවයක් පැවැත්වීමට කටයුතු කරන බවට මරදාන පොලිස් ස්ථානාධිපතිවරයා වෙත තොරතුරක් ලැබී ඇත.

ඒ අනුව මරදාන පොලිස් ස්ථානාධිපතිවරයා, මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුව පුද්ගලයින් සිව්දෙනෙකුට අදාළ විභාගය පවත්වනු ලබන මධ්‍යස්ථාන අසලට ඇතුළුවීම හා රැඳී සිටීම තහනම් කරමින් ආඥාවක් නිකුත් කර තිබේ.

සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරි එකමුතුවේ සම කැඳවුම්කරු එම්.එන්.එම් නුස්ට්‍රි එම එකමුතුවේ ලේකම් නඳුන් දශරික හේවාපතිරණ, අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් සහ පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති එකාබද්ද බල මණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් යන අයට එරෙහිව මෙම ආඥ්‍රාව නිකුත් කර ඇති බව පොලීසිය පැවසීය.

ඒ අනුව අද උදෑසන 8 සිට පස්වරු 4 දක්වා මරදාන පොලිස් වසමේ රෝහල් චතුරස්‍රයට ඇතුළු වීම හා ඒ අවට පිහිටා ඇති රෝහල්වලට බාධාවන අයුරින් ඩීන්ස් පාර, ද සේරම් පාර, කිංසි පාර සහ රීජන්ට් වීදීයේ පදික වේදිකා අවහිර කරමින් සිදුකරන උද්ඝෝෂණ සහ පෙළපාලි  තහනම් කර තිබේ.

එමෙන්ම සම සෞඛ්‍ය උපාධිධාරීන් බඳවා ගැනීමේ තරග විභාගය පවත්වනු ලබන විභාග මධ්‍යස්ථාන වන ප්‍රාථමික හෙද විදුහල සහ කොළඹ හෙද විදුහල යන ස්ථාන ඉදිරිපිට රැඳී සිටීම ද තහනම් කරමින් මෙම ආඥ්‍රාව නිකුත් කර ඇති බව සඳහන්ය.

පරිපූරක වෘත්තීන්ගේ සේවාවට අයත් පාඨමාලාවන් සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමේ තරග විභාගය අද උදෑසන 10ට මධ්‍යස්ථාන 4කදී විභාගය ආරම්භ විය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ විභාග ශාඛාව මගින් මෙම විභාගය පවත්වනු ලබන අතර පශ්චාත් ප්‍රාථමික හෙද විදුහල, කොළඹ හෙද විදුහල, කදාන හෙද විදුහල සහ කාසල් වීදීයේ කාන්තා රෝහල යන ස්ථානවල පිහිටි විභාග මධ්‍යස්ථානවලදී මෙම විභාගය පැවැත්වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,212FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img