31 C
Colombo
Monday, October 13, 2025

අන්තර්ජාතික ජෛව විවිධත්ව දිනය අදයි

Published:

අන්තර්ජාතික ජෛව විවිධත්ව දිනය අදට යෙදී තිබේ.

ලොව ජෛවවිවිධත්වය කෙරෙහි එල්ල වී ඇති ගැටළු , අභියෝග තර්ජන මෙන්ම එහි වැදගත්කම පිළිබඳව අන්තර්ජාතික ප්‍රජාව දැනුවත් කිරීම සඳහා මෙම දිනය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසිනුයි නම් කර ඇත්තේ.

“සොබාදහම සමඟින් තිරසර සංවර්ධනය” යන්න මෙම වසරේ ජෛවවිවිධත්වය සඳහා වූ අන්තර්ජාතික තේමාව වන අතර එමගින්  එක්සත් ජාතීන්ගේ 2030 න්‍යාය පත්‍රය, එහි තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) සහ කුන්මින්ග් – මොන්ට්‍රියල් ගෝලීය ජෛවවිවිධත්ව රාමුවේ (Kunming Montreal Global Biodiversity Framework – KMGBF) ඉලක්ක අතර සම්බන්ධතා කෙරෙහි ගෝලීය අවධානය යොමු කර තිබේ.

පෘථිවියේ සහ එහි ජීවීන්ගේ යහපැවැත්ම තහවුරු කිරීමට, අනුගමනය කළයුතු මූලික ප්‍රතිපත්තිය තිරසාර සංවර්ධනය යන්න අවබෝධ කරගනිමින් ලොව නායකයන් විසින් 1992 වසරේ බ්‍රසීලයේ රියෝ ද ජැනෙයිරෝ නගරයේදී පරිසරය හා සංවර්ධනය පිළිබඳ සමුළුව හෙවත් “මිහිකත සමුළුව” පවත්වනු ලැබූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ජෛවවිවිධත්ව ප්‍රඳප්තිය බිහිවිය.

ඒ අනුව ශ්‍රී ලංකාව ද 1992 දී එක්සත් ජාතීන්ගේ ජෛවවිවිධත්ව සම්මුතියට අත්සන් තැබූ අතර එය 1993 දෙසැම්බර් 29 වන දින සිට බලාත්මක වී ඇත.

පරිසර සංචාරක ව්‍යාපාරය, සාම්ප්‍රදායික ආහාර, තිරසාර සංවර්ධනය සඳහා ප්‍රජා සහභාගීත්වය ප්‍රවර්ධනය කිරීම කේන්ද්‍ර කර ගනිමින් මෙවර ජෛවවිවිධත්වය සඳහා වූ ජාතික සැමරුම අද (22) දින දඹුල්ල පොපම් ආබරේටම් වන උද්‍යානයේදී පැවැත්වීමට කටයුතු සැලසුම් කර තිබෙනවා.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,265FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img