29.5 C
Colombo
Sunday, July 6, 2025

අද හිරු එළියට නිරාවරණය වෙන්න එපා – ජනතාවට අනතුරු ඇඟවීමක්…

Published:

අද (04) දිනයේ හිරු එළියට වැඩි වශයෙන් නිරාවරණය නොවන ලෙසට තාරකා විද්‍යාඥ අනුර සී පෙරේරා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

මෙම වසරේදී පෘථිවිය සූර්යයාට වඩාත් ආසන්නයෙන් ගමන් කරන දිනය අද බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මේ හේතුවෙන් හිරු එළියට වැඩි වශයෙන් නිරාවරණය වීම චර්ම රෝග ඇතිවීමට හේතු විය හැකි බවට ද ඔහු අනතුරු අඟවනවා.

මෙම සතිය පුරාවටම උෂ්ණත්වය වැඩි වශයෙන් පැවතිය හැකි අතර අධික උෂ්ණත්වයෙන් වැළකීම සඳහා කුඩයක් රැගෙන යන ලෙසට මෙන්ම ජලය වැඩි වශයෙන් පානය කරන ලෙසට ද විද්‍යාඥවරයා ඉල්ලීමක් කරනවා.

තාරකා විද්‍යාඥයින් පෙන්වා දෙන ආකාරයට ප්‍රකාශ කරන පෘථිවිය සූර්යයාට වඩාත් ආසන්න වීම සිදුවන්නේ පෘථිවිය සූර්යයා වටා ඉලිප්සාකාර ගමනක නිරත වීම හේතුවෙන්.

“පෙරිහීලියන්” ලෙස හඳුන්වන මෙම අවස්ථාව ශ්‍රී ලංකා වේලාවෙන් අද (04) රාත්‍රී 9.30ට උදාවුවත් ඊට පෙර සහ පසු පෘථිවිය තවදුරටත් සූර්යයාට ආසන්නව පවතිනවා.

සාමාන්‍යයෙන් පොළොවේ සිට සූර්යයාට දුර කිලෝ මීටර් මිලියන 150ක් පමණ වුව ද අද දිනයේ පෘථිවිය සූර්යයාට කිලෝමීටර මිලියන 5කින් පමණ ළංව පවතිනවා.

ඒ අනූව අද දිනය වඩාත් උණුසුම්වන බැවින් සූර්යයාට නිරාවරණය වීමෙන් චර්ම රෝග ඇති විය හැකි බවයි තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා මහතා සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,207FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img