27.2 C
Colombo
Tuesday, August 26, 2025

අද හවස සිට සඳුදා උදෑසන දක්වා මුළු දිවයිනටම ඇඳිරි නීතිය…

Published:

අද හවස සිට සඳුදා උදෑසන දක්වා මුළු දිවයිනටම ඇඳිරි නීතිය…

අද(20) පස්වරු 6.00 සිට ලබන සඳුදා පෙරවරු 6.00 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා තිබේ.

ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව නිවේදනය කළේය.

මේ අතර පුත්තලම පොලිස් කොට්ඨාසයේ, හලාවත පොලිස් කොට්ඨාසයේ හා මීගමුව පොලිස් කොට්ඨාසයේ කොච්චිකඩේ පොලිස් වසමට පැනවු පොලිස් ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කර තිබේ.

ඒ අනුව පුත්තලම, ආනමඩුව, කල්පිටිය, කරුවලගස්වැව, මුන්දලම, නවගත්තේගම, පල්ලම, වනාතවිල්ලුව, උඩප්පුව, නොරොච්චෝලේ, සාලිය වැව , හලාවත, දංකොටුව, කොස්වත්ත, මාදම්පේ, මාරවිල, වෙන්නප්පුව, ආරච්චිකට්ටුටන හා කොච්චිකඩේ පොලිස් වසමට ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කරයි.

ජා ඇල සහ වත්තල යන පොලිස් වසමේවලටත් බලපැවැත් වෙන පිරිදි පනවා තිබු පොලිස් ඇඳරි නීතිය අද(20) දින උදෑසන 9 ට තාවකාලිව ඉවත් කර නැවත අද දින දහවල් 12 ට නැවත දැනුම් දෙන තුරු ඉහත පොලිස් වසම් සියල්ලටම බලපැවැත් වෙන ලෙස ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.

ඇඳිරි නිතිය බලපැවැත්වෙන ප්‍රදේශ හරහා ගමන් ගන්නා පොදු ප්‍රවාහන සේවා හා අත්‍යාවශ්‍ය සේවා කටයුතු සිදු කිරීමට හැක.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,413FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img