29.5 C
Colombo
Monday, July 7, 2025

අද සිට උසස් පෙළ ප්‍රතිඵල සහතිකය ඔන්ලයින් ක්‍රමයට…

Published:

අද සිට උසස් පෙළ ප්‍රතිඵල සහතිකය ඔන්ලයින් ක්‍රමයට…

2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබේ.

ඊයේ (27) රාත්‍රීයේ විභාග ප්‍රතිඵල නිකුත් කළ  බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේය.

www.doenets.lk  යන වෙබ් අඩවියට පිවිසිමෙන් ප්‍රතිඵල ලබාගත හැකි බව ද එම දෙපාර්තමේන්තුව සදහන් කළේය.

කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයට අයත් පාසල් වල ප්‍රතිඵල අද දිනයේ අදාල විදුහල්පතිවරුන් වෙත ලබාදීමට කටයුතු කරන බව විභාග දෙපාර්තමේන්තුව පැවසුවේය.

දිවයිනේ අනෙකුත් සියලු පාසල් සදහා විභාග ප්‍රතිඵල අද දිනයේ තැපැල් මගින් යැවිමට කටයුතු කරන බව ද එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

පෞද්ගලික අයදුම්කරුවන් සදහා ප්‍රතිඵල ඔවුන්ගේ පෞද්ගලික ලිපින වෙත ඉදිරියේදී තැපැල් කිරිමට කටයුතු කරන බව සදහන්.

එමෙන්ම අද (28) සිට උසස් පෙළ ප්‍රතිඵල සහතිකය ඔන්ලයින් ක්‍රමයට ලබා ගැනිමේ පහසුකමද සලසා දී තිබේ.

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්  විභාගය සදහා පෙනී සිටි මුළු අයදුම්කරුවන් සංඛ්‍යාව දෙලක්ෂ 81,786ක්.

එම අයදුම්කරුවන් අතරින් විශ්වවිද්‍යාල ප්‍රවේශය සදහා අයදුම් කිරිමට සිසුන් එක් ලක්ෂ 81,126 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේය.

පැරණි නිර්දේශය යටතේ මෙවර උසස් පෙළ විභාගයට සිසුන් 94,619 දෙනෙකු පෙනී සිට ඇති අතර ඉන් සිසුන් 67,489 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සදහා අයදුම් කිරිමට සුදුසුකම් ලබා තිබේ.

සිසුන් එක් ලක්ෂ 87,167 දෙනෙකු නව නිර්දේශය යටතේ විභාගයට පෙනී සිට ඇති අතර ඉන් සිසුන් එක් ලක්ෂ 13,637 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සදහා අයදුම් කිරිමට සුදුසුකම් ලබා ඇති බව සදහන්.

එමෙන්ම ප්‍රතිඵල නැවත සම්ක්ෂණය සදහා ලබන වසරේ ජනවාරි මස 17 වන දිනට ප්‍රථම අයදුම් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව පවසන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,213FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img