28.4 C
Colombo
Monday, July 7, 2025

අද නිල ජන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමේ විශේෂ දිනයක්

Published:

පළාත් පාලන ආයතන ජන්ද විමසීමට අදාළ නිල ජන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදීමේ විශේෂ දිනයක් ලෙස අද (27) ප්‍රකාශයට පත් කර ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව අද පෙරවරුවේ සිට පස්වරු 6.00 දක්වා නිල ජන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් මගින් ගෙන්ගෙට බෙදීම සිදුකරන බව නියෝජ්‍ය තැපැල්පති ප්‍රේමචන්ද්‍ර හේරත් මහතා පැවසීය.

නිල ජන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදීමේ විශේෂ දිනය වන අද ඉරිදා නිවෙස්වල රැදීසිට තමන්ට හිමි නිල ජන්ද දැන්වීම පත්‍රිකාව ලබා ගැනීමට කටයුතු කරන ලෙස දෙපාර්තමේන්තුව ජන්දදායකයින්ට දැනුම් දේ.

මේ අතර නිල ඡන්ද පත්‍රිකා බෙදීම එළැඹෙන 29 වැනි දින අවසන් කිරීමට නියමිත බවද මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව එදින වන විට නිල ඡන්ද පත්‍රිකා නොලැබූ ඡන්ද හිමියන්ට සිය ඡන්ද හිමි නාමලේඛනයේ තමන් ලියාපදිංචි ලිපිනයට අදාළ තැපැල් කාර්යාලය වෙත ගොස් ස්වකීය අනන්‍යතාව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව නිල ඡන්ද දැන්වීම්පත ලබා ගත හැකි බවත් මැතිවරණ කොමිසම පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,213FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img