25 C
Colombo
Thursday, August 28, 2025

අද දිනයේදී කොරෝනා රෝගීන් 103ක් : 101ක් මිනුවන්ගොඩ පොකුරේ ආශ්‍රිතයින්…

Published:

අද දිනයේදී කොරෝනා රෝගීන් 103ක් : 101ක් මිනුවන්ගොඩ පොකුරේ ආශ්‍රිතයින්…

අද දිනයේදී නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 103ක් වාර්තා වූ බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා. එයින් පුද්ගලයින් දෙදෙනෙකු මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවකයින් වන අතර සෙසු 101ක් දෙනා ඔවුන්ගේ සමීප ආශ්‍රිතයින් වනවා.

වාර්තා වූ සමස්ත ආසාදිතයින් 103 අතුරින් මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් ආසාදිතයින් 87 දෙනෙකු සිටිනවා. ඊට අමතරව අත්තනගල්ල ප්‍රදේශයෙන් ආසාදිතයින් 10 දෙනෙකු ද කිරිල්ලවල ප්‍රදේශයේ සිට වඩු වැඩ කිරීමට මන්නාරම බලා ගිය පුද්ගලයින් 05 දෙනෙකු සහ ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ ශිෂ්‍යාවකට ද වෛරසය ආසාදනය වී ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා.

මේ වන මිනුවන්ගොඩ පොකුර ආශ්‍රිතව වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 1186ක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,453FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img