27.8 C
Colombo
Monday, August 25, 2025

අතීතයට දොස් නොතබා රට ගොඩනගන්න සුදානම් වන්න…

Published:

අතීතයට දොස් නොතබා රට ගොඩනගන්න සුදානම් වන්න…

අතීතයට සහ ප්‍රශ්න වලට ඇඟිල්ල දිගු කරන්නේ නැතිව වැටී ඇති ආගාධයෙන් රට ගොඩගැනීමට රජයක් ලෙස කැපවීමෙන් වැඩ කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.

රට ගොඩනැගීමේ අභියෝගය තමා භාරගත්තේ ආර්ථිකය කඩා වැටී ඇති බව හොඳින් අවබෝධ කරගෙන බව ද ඔහු පවසයි.

ඊයේ (06දා) ජනාධිපති කාර්යාලයේදී  වැවිලි සහ මූල්‍ය ආයතන රැසක සභාපතිවරුන් සහ අධ්‍යක්ෂක මණ්ඩල  සාමාජිකයන් අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

“රට හදන සෞභාග්‍යයේ දැක්ම’’ ප්‍රතිපත්ති ප්‍රකාශනය මැතිවරණ ජය අපේක්ෂාවෙන් සැකසූවක් නොවේ. එය  විද්වතුන් සහ ක්ෂේත්‍ර රැසක ප්‍රවීණයන් සමග වසර ගණනාවක අධ්‍යයනයකින්, ජනතා මෙහෙවර වෙනුවෙන් සම්පාදනය කළ එකකි. බොහෝ ආයතන වසර ගණනාවක සිට හුදෙක් රැකියා සපයන ස්ථාන බවට පත්ව තිබේ. මේ අයුරින් රට ඉදිරියට ගෙන යා නොහැක. ආයතන ලාභ ලබන තත්ත්වයට පත්කර ගැනීම නව සභාපතිවරුන්ගේ සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීමක්. පවතින ක්‍රම වෙනුවට නව මඟක් ඔස්සේ බිඳ වැටී ඇති ආයතන ගොඩනැගීමට පියවර ගත යුතුයි.” ජනාධිපතිවරයා අවධාරණය කළේය.

පොල් සහ තේ වගා සංවර්ධනය සමග සෙසු බෝග වගා ද දියුණු කළයුතුය. නව පර්යේෂණ සහ තාක්ෂණික ක්‍රම උපයෝගී කරගනිමින් කෘෂිකර්මාන්තය දියුණු කළ යුතු වේ. පාරම්පරික කර්මාන්තවලට ප්‍රමුඛත්වය දීමෙන් විශාල ආදායමක් උපයාගත හැකිය. මේ සියලු ක්ෂේත්‍ර මඟින් රැකියා විශාල ප්‍රමාණයක් බිහි කළ හැකි බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

දින කිහිපයක සිට උපාධිධාරීන් ඇතුළු කණ්ඩායම් රැකියා ඉල්ලමින් ජනාධිපති කාර්යාලය අභියසට පැමිණෙති. රට තුළ සංචාරක, පරිගණක තාක්ෂණ ඇතුළු ක්ෂේත්‍ර රැසක ඇබෑර්තු විශාල ප්‍රමාණයක් පවතී. එහෙත් අධ්‍යාපන ක්‍රමයේ දුර්වලතාව නිසා මේ ඉඩ ප්‍රස්ථා අපතේ යන බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

රැකියා වෙළෙඳපොළට ගැලපෙන ආකාරයෙන් අධ්‍යාපන ක්‍රමය කඩිනමින් වෙනස් කිරීමට පියවර ගන්නා බවද ජනාධිපතිවරයා පැවසීය. ආසියාව ලෝක ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය බවට  පත්වෙමින් තිබේ. තවත් වසර හතරකින් විශ්ව විද්‍යාලයෙන් පිටතට එන අනාගත පරපුර ඵලදායී ලෙස ඊට යොමු කිරීමට අවශ්‍ය පරිසරය සැකසීම තම මූලික අරමුණක් බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,370FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img