25 C
Colombo
Thursday, August 28, 2025

අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා වූ බදු ඉවතට : අද රාත්‍රියේ සිට ටින් මාළු 200, බිලුණු කිලෝවක් රු.100 ක මිලකට….

Published:

අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා වූ බදු ඉවතට : අද රාත්‍රියේ සිට ටින් මාළු 200, බිලුණු කිලෝවක් රු.100 ක මිලකට….

වත්මන් ජිවන වියදම සහ කොවිඩ්-19 ආශ්‍රිත දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් රජය විසින් පරිප්පු, ටින්මාළු, බිලුණු සහ සිනි යන අත්‍යාවශ්‍ය භාණ්ඩ වල ආනයනික බදු ඉවත් කර ඇත.

බදු ඉවත් කිරීම නිසා අද රාත්‍රියේ සිට ටින් මාළු (ලොකු) රුපියල් 200කට, බිලුණු කිලෝවක් රු. 100කට සහ සීනි කිලෝවක් රුපියල් 85කට මිලට ගැනීමට හැකිවනු ඇත.

මේ අත්‍යාවශ්‍ය භාණ්ඩ ඇතුළුව රුපියල් 500 කට වැඩි වටිනාකමක් සහිත භාණ්ඩ සතොසෙන් මිලදී ගන්නා විට පරිප්පු කිලෝව රුපියල් 150 කට මිලට ගැනීමට විධිවිධාන සලසා ඇත.

පොල් සංවර්ධන මණ්ඩලය, කුරුණෑගල වැවිලි සමාගම සහ හලාවත වැවිලි සමාගම කොළඹ නගරයට පොල් සැපයුම වැඩි කර ඇත. එබැවින් පාරිභෝගිකයාට සතොස අලෙවිසැල් වලින් සාධාරණ මිලකට පොල් ලබා ගැනීමට අවස්ථාව සලසා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,453FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img