27.2 C
Colombo
Saturday, July 19, 2025

අත්හැරපු තරගය…

Published:

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාව සහ සිම්බාබ්වේ අතර පැවති තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් තරගය අත්හැර දැමීමට විනිසුරුවරුන් තීරණය කළේය.

ආරම්භයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් තරගය පන්දුවාර 9ක සීමා කෙරුණි.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 79ක් රැස්කළේය.

අනතුරුව පිටියට පිවිසි දකුණු අප්‍රිකා පිතිකරුවන් පන්දුවට පහරදෙමින් සිටියදී නැවත තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවිය.

ඒ අනුව ඩක්වත් ලුවිස් න්‍යායට අනුව දකුණු අප්‍රිකාවට පන්දුවාර 7කදී ලකුණු 64ක ජයග්‍රාහී ඉලක්කයක් ලබාදෙනු ලැබිණි.

කෙසේ වෙතත් නැවතත් දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවට පහරදෙමින් සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් තරගය අත්හැර දැමීමට තීරණය කෙරුණි.

ඒ අනුව දකුණු අප්‍රිකාවට සහ සිම්බාබ්වේ කණ්ඩායම් වෙත ප්‍රසාද ලකුණු 1 බැගින් හිමිවනු ඇති.

මේ අතර අද තරගයේ සිම්බාබ්වේ ඉනිමේදී ඔවුන්ට හිමිවූ දඬුවම් ලකුණු 5ක් වෙත ලෝකයේම අවධානය යොමුව තිබේ.

එහිදී කඩුලු රකින ක්‍රීඩක Quinton de Kock සිය අත් ආවරණය ගලවා බිම දමන අතර එහි පන්දුව වැදීම හේතුවෙන් මෙලෙස ප්‍රතිවාදී සිම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 5ක් හිමි විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,339FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img