25 C
Colombo
Thursday, November 27, 2025

අටමස්ථානාධිපති හිමිගේ ආදාහන පූජෝත්සවය අද…

Published:

අපවත් වී වදාළ අටමස්ථානාධිපති උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමිගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්ස්වය අද (22) පැවැත්වීමට නියමිතය.

උන්වහන්සේගේ දේහය මහජන ගෞරවය සදහා ජය ශ්‍රී මහා බෝධිය අසල පිහිටි සන්නිපාත ශාලාවේ තැන්පත් කර තිබේ.

මේ අතර, අද පස්වරු 02.30 ට අනුරාධපුරයේදී ආදාහන පූජෝත්සවය පැවැත්වීමට සැලසුම් කර ඇති බව රුවන්වැලි මහ සෑ විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමි පැවසුහ.

අපවත් වී වදාළ පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමිගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්ස්වය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදුකිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබාදී තිබුණ ද එය නොගැනීමට තීරණය කළ බව ද පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි පවසති.

රෝගාතුරව සිටි අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමි කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 18 වනදා අපවත් වූ අතර ඒ වන විට උන්වහන්සේ 69 වන වියෙහි පසුවූහ.

මේ අතර, අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය වෙනුවෙන් අද (22) විශේෂ දුම්රියක් කොළඹ කොටුව සිට ධාවනයට එක්කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,475FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img